FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් හෂාන්ට සහ උපුල්ට පිතකරණ හා පන්දු රැකීමේ වගකිම් භාර කරයි…

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවකු වන හෂාන් තිලකරත්න පිතිකරණ පුහුණුකරුවකු ලෙස සහ හිටපු දක්‍ෂ පන්දු රකින්නකු වූ උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කර ඇති බව වාර්තා වේ.

එසේම මේ දෙදෙනාගෙන් කිසිවකුට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කාර්යයන් පැවරී නොතිබීම සුවිෂේෂ කරුණකි.

මෙම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට පැවරී ඇත්තේ පිට පළාත් වල පුහුණු කඳවුරු පවත්වමින් රටේ විසිරී සිටින දක්‍ෂ ක්‍රීඩකයන් එක්රැස් කරගැනීම බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට වමත් වේග පන්දු යවන්නකු වු  චමින්ද වාස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යවන්නන් පුහුණුකරුවකු වශයෙන් පත්කරනු ලැබ ඇතත් ඔහුට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යයන් පැවරී නැත.

චමින්ද වාස්ගේ වගකීම වන්නේද පිට පළාත් වලින් පන්දු යවන්නන් සොයාගෙන පැමිණීමයි.

එ අනුව හෂාන් තිලකරත්න  මෙන්ම උපුල් චන්දනද උසස් දස්කම් කළමණාකරු යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විද්‍යායතනයේ සේවය සඳහා අනුයුක්ත කෙරෙන බව වාර්තා වේ.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් චම්පක රාමනායක මහතා කටයුතු  කරන අතර පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් මහතා කටයුතු කරයි.