FAST NEWS

24×7 Around the Globe

Fast & Furious චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය Furious 8 චිත්‍රපටය ලබන වසරේ… (වීඩියෝ)

 

ලොවපුරා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් Fast & Furious චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Furious 8 චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමට සුදානම් වේ.

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්‍ෂ F.Gary Grayගේ අධ්‍යක්‍ෂණයෙන් සහ Chris Morganගේ පිටපත් රචනයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇති බව සදහන් වේ.

සුපිරි හොලිවුඩ් නළු Vin Diesel ප්‍රධාන චරිතයට පණපොවන අතර Michelle Rodriguez, Dwayne Johnson, Tyrese Gibson, Chris Bridges, Lucas Black, Scott Eastwood, Kurt Russell, Jason Statham යන ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම චිත්‍රපටයට රංගනයන් දායක වන බව වාර්තා වේ.

මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට මෙන් මෙම චිත්‍රපටයද ලොවවටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගනු ඇතැයි නිෂ්පාදකයන් අපේක්ෂා කරන බවද සදහන් වේ.

2017 වසරේ අප්‍රේල් මාසයේදී මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමට නියමිතය.

වීඩියෝව පහතින්..