FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය එළැඹෙන දෙසැම්බරයේ ප්‍රදර්ශනයට…

 

මේ වනවිට බොලිවුඩයට වඩා හොලිවුඩය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සුරූපී ප්‍රියංකා චොප්රා ( Priyanka Chopra ) නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය එළැඹෙන දෙසැම්බරයේදී ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

ප්‍රියංකා මෙසේ සිය පළමු නිෂ්පාදන දායකත්වය ලබාදී ඇත්තේ පන්ජාබ් චිත්‍රපටයකට වන අතර, ඒ කරන් ගුලානි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘සර්වාන්’ නම් චිත්‍රපටය සඳහා වේ.

එසේම ප්‍රියංකාද මෙහි එන ආරාධිත චරිතයක් නිරූපණය කරන බවට වාර්තා වේ.

සිය උපන් ඉන්දියාවට වඩා මේ වනවිට වැඩි කාලයක් එක්සත් රාජධානියේ දිවි ගෙවන ප්‍රියංකා, මේ දිනවල සිය රංගන දායකත්වය ලබා දෙන Quantico 2 ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටින බවට තොරතුරු ලැබී තිබේ.