හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාත් අද (01දා) මැදමුලනට පැමිණ සිටියේය.
පසුගිය ජනපතිවරණ මැතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුද සහාය දැක්වීය.
‘මහින්දට තෙවරක් බෑ ‘ යැයි සටන් පාඨයේ ප්‍රධාන වශයෙන්ම ඔහුද සිටියේය.
කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන බවද හිටපු අගවිනිසුරුවරයා පැවැසූ අතර එය අච්චාරු ආණ්ඩුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.












