FAST NEWS

24×7 Around the Globe

‘Kahani 2’ අලුත්ම චිත්‍රපටය ලබන දෙසැම්බරයේ තිරගත වෙයි… (වීඩියෝ)

 

මේ මස 25 වැනිදාට තිරගත කිරීමට නියමිතව තිබු සංජය ගෝෂ්ගේ ‘කහානි’ ( Kahani 2 ) දෙවැනි චිත්‍රපටය ඊට සතියකට පසුව එනම් දෙසැම්බර් 02 වැනිදාට තිරගත කරන්නට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

විද්‍යා බාලන් හා අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය මේ මස 25 වැනිදා ෂාරුක් හා ආලියා රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේම තිරගත කරන්නට යොදා තිබුණි.

එහෙත්, පසුව ෂාරුක්ගේ චිත්‍රපටය තම චිත්‍රපටයට බාධාවක් වනු ඇතැයි සිතා පසුව එය සතියක් කල්ගත කොට තිරගත කරන්නට ‘කහානි’ අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදක මණ්ඩලය පියවර ගෙන තිබේ.

පළමු චිත්‍රපටයට සමාන කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ දෙනා මත පළකර තිබේ.

විද්‍යා බාලන් මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි සිනමා නිර්මාණය මෙය වන අතර, ඇයගේ පළමු චිත්‍රපටය වු ‘ටීන්3’ චිත්‍රපටය අසාර්ථක විය.

වීඩියෝව පහතින්..