FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු රන්වීර් සිංට තනාපති තනතුරක් හිමි වෙයි…

 

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට ( Ranvir Singh ) ස්විට්සර්ලන්තයේ සංචාරක ව්‍යාපෘති තනාපති ලෙස කටයුතු කරන්නට පසුගියදා අවස්ථාව උදා විය.

සිය පළමු ස්විට්සර්ලන්ත සංචාරයට එක්වූ රන්වීර් සිං සිය සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධන කටයුතු කිහිපයක් සඳහාද එක්ව ඇති අතර එහිදී ඔහුට ඉන්දීය සිනමාලෝලීන් බොහෝ පිරිසක් මුණ ගැසී ඇති අතර, ඉහල රසික ප්‍රතිචාරද හිමි වී තිබේ.

හමු කිහිපයකින් පසුව රන්වීර් සිං ස්විට්සර්ලන්තයේ සුන්දර ස්ථාන කිහිපයක් සඳහා සංචාරය කළ බවත්, ඔහු සිය සංචාරක ව්‍යාපෘති සඳහා එම ස්ථාන අතරින් කිහිපයක් තෝරා ගත් බවත් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

රන්වීර් සිංගේ මෙම ස්විට්සර්ලන්ත සංචාරය තවත් දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඔහු පවසන්නේ සිය මංගල ස්විට්සර්ලන්ත සංචාරය මෙය බැවින් ඉතා හොඳ අත්දැකීමක් මෙහිදී ලබාගන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.