FAST NEWS

24×7 Around the Globe

කාර්තිට සොහොයුරු සූර්යාගේ සහාය ලැබෙයි…

 

ජනප්‍රිය දමිළ සිනමා නළු සූර්යා ශිවකුමාර් මේ දිනවල සිය සොහොයුරු කාර්ති ශිවකුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් සිය සහාය දක්වමින් සිටින බව සඳහන් වේ.

ගෝකුල් අධ්‍යක්ෂණය කරන කාර්තිගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ‘කාශ්මෝරා’ වන අතරම මෙහි කාර්ති ද්විත්ව චරිත නිරූපණය කරන අතර, නයනතාරා හා ශ්‍රී දිව්‍යා මෙහි අනෙකුත් ප්‍රධාන චරිත නිරූපණය කරයි.

මෙම චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 60ක් බවත්, මෙය ඓතිහාසික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් බවද සදහන් වේ.

සූර්යා මේ වසරේ රංගනයෙන් දායක වූ ‘24’ චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, එහි දෙවැන්න මේ දිනවල රූපගත කරමින් සිටින අතර, චිත්‍රපටය ලබන වසරේ අවසානයේ තිරගත කිරීමට සූදානම් කර තිබේ.