FAST NEWS

24×7 Around the Globe

සල්මාන්ගෙන් අයිශ්වර්යාට හා අජේ දේව්ගන්ට කෙටි පණිවිඩයක්…

 

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට ( Bollywood ) සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ හා අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා දායකව සිටින අයිශ්වර්යා හා අජේ දේව්ගන් දෙදෙනාට බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් කෙටි පණිවිඩයකින් සුබ පතා තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අජේ මෙන්ම කරන්ද සිය චිත්‍රපටවල මංගල දර්ශනය සඳහා එක්වීමට ආරාධනා නොකර තිබුණ අතර, ෂාරුක් ඛාන්ටද එසේ ආරාධනා නොකර තිබුණ බවට සඳහන් වන නමුත් ආක්ෂේ මෙන්ම අමීර් ඛාන්ද මෙම චිත්‍රපට ද්විත්වයේම මංගල දර්ශන සඳහා එක්ව තිබුණ බව සඳහන් වේ.

රන්බීර් කපූර් සිය මිතුරු, මිතුරියන් සියලු දෙනාටම ආරාධනා පත් යවා තිබුණද ඔහුගේ හිටපු පෙම්වතිය වු කත්‍රිනාට එසේ ආරාධනා පතක් නොයවා තිබුණ බව වාර්තා වේ.

එසේ නමුත්, කරන් ජෝහර් මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට කත්‍රිනාට ආරාධනා කර තිබුණ අතර, ඇය එය රන්බීර් නිසා ප්‍රතික්ෂේප කර තිබුණ බවද සඳහන් වේ.