FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් ඛාන්ගේ ‘ද රින්ග්’ එකෙන් පසුව එන ‘ඩෝන්’ 3… (වීඩියෝ)

 

ෂාරුක් ඛාන් ( Shahrukh Khan ) මේ දිනවල දායකව සිටින ‘ද රින්ග්’ චිත්‍රපටයෙන් පසුව ඔහු දායක වන ‘ඩෝන්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායක වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

දැනට වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයද ලබන වසරේ තිරගත කිරීමට නියමිතව තිබෙන අතර, එසේ වුවහොත් ෂාරුක් ඛාන් ලබන වසරේදී බොලිවුඩ් චිත්‍රපට තුනකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි.

ජනවාරි 26 වැනිදා ‘රායිස්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙන අතර, ‘ද රින්ග්’ චිත්‍රපටය ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබේ.

බොහෝ විට ‘ඩෝන්’ තුන්වැනි චිත්‍රපටයේ වැඩ අවසන් වුවහොත් එය ලබන වසරේ දෙසැම්බරයේදී තිරගත කෙරෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

වීඩියෝව පහතින්..