සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයට තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරන සංචාරක ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය.
එ අනුව ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 04 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණූ 411 ක් ඉදිරියෙන් සිටියි.
ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 373 ක් පමණී.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න අගනා ඉනිමක් ක්රීඩා කරමීන් පන්දු 173 කදී ලකුණු 110 ක් ලබාගත් අතර එය ඔහුගේ සිව්වන ටෙස්ට් ශතකය වේ.
හෙට තරගයේ අවසන් දිනය වේ..
ලකුණූ පුවරුව..
=====================================(update)









