FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සිම්බාබ්වේට වඩා 411 ක් ඉදිරියෙන් – දිමුත්ගේ පිත්තෙන් අගනා ශතකයක්..(update)

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයට තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 06 ක් දැවී ලකුණු 247 ක්  ලබා සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 04 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණූ 411 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු  373 ක් පමණී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න අගනා ඉනිමක් ක්‍රීඩා කරමීන්  පන්දු 173 කදී  ලකුණු 110 ක් ලබාගත් අතර එය ඔහුගේ සිව්වන ටෙස්ට් ශතකය වේ.

හෙට තරගයේ අවසන් දිනය වේ..

ලකුණූ පුවරුව..

Capture

=====================================(update)

 

දිවා අාහාරයට – ශ්‍රී ලංකාව සිම්බාවේ කණ්ඩායමට වඩා ලකුණු 275 ක් ඉදිරියෙන්..

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දිවා අහාරයට තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 111 ක් ලබා ගෙන සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණූ 275 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු  373 ක් පමණී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 65 ක් ලබා සිටියි.

ලකුණූ පුවරුව..

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa