FAST NEWS

24×7 Around the Globe

ජනකරළිය ජංගම රඟහල කොළඹට…

පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල මෙම මාසයේදී කොළඹට යළි පැමිණීමට නියමිතයි.

ඒ, සංහිඳියාවේ සංස්කෘතියක්, සමාජ අනුකලනයක් හා විවිධත්වයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් පැවැත්වෙන ‘අපේක්ෂාවේ පියාසැරිය’ නම් කලා උළෙලේ කොටසක් ලෙසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝකාගාරය අසල ස්ථාපිත කර ඇති මෙම ජංගම රඟහලේ දී ජනකරළිය නාට්‍ය ඇතුළු සම්මානනීය වේදිකා නාට්‍ය එකතුවක් නොවැම්බර් 07 – 21 දක්වා වේදිකාගත වේ.

ප්‍රවේශපත් : රු 100 (වැඩිහිටි) , රු 50 (ළමුන්). නොවැම්බර් 06න් පසුව විශ්ව විද්‍යාල සිසුසිසුවියන් ට ඇතුල්වීමේ අවසරපත් ලබාගත හැක.