FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය එංගලන්තයට එකට එක කරයි – දෙවැනි තරගයෙන් එංගලන්තයට 108ක දැවන්ත පරාජයක්..

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 108 ක ජයක් අත් කරගනිමීන් බංග්ලාදේශ කණ්ඩායම තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට අද (30)  සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 164 කට සීමා කිරීමට මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් සමත් වූහ.

එ අනුව ලකුණු 108  ක පරාජයක් සංචාරක එංගලන්ත කණ්ඩායමට හිමී විය.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිමද සුණු විසුණු කර දැමූවේය.

පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමගින් මෙම තරගයේ ඉනිම් දෙකේදීම ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 12 කි.

ඔහුගේ එම දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා මෙහෙදි හසන්ට අනගි සහයක් දුන් සකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

බංග්ලාදේශය පළමු ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 104, මොමිනුල් හක් 66, මුයින් අලී 57/5, ක්‍රිස් වොක්ස් 30/3, බෙන් ස්ටොක්ස් 13/2)

එංගලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 244
(ජෝ රූට් 56, ජොනී බෙයාස්ට්‍රෝ 24, ක්‍රිස් වොක්ස් 46, ආදිල් රෂීඞ් නොදැවී 44, මෙහෙදි හසන් 82/6, තයිජුල් ඉස්ලාම් 65/3)

බංග්ලාදේශය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 40, ඉම්රුල් කේයස් 78, මහමදුල්ලා 47, සකීබ් අල් හසන් 41, සබීර් රෙහෙමාන් 15, ශූවගත හොම් නොදැවී 25, ආදිල් රෂීඞ් 52/4, බෙන් ස්ටොක්ස් 52/3, සෆාර් අන්සාරි 76/2)

එංගලන්තය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 164
(ඇලිස්ටෙයාර් කුක් 59, බෙන් ඩුකෙට් 56, මෙහෙදි හසන් 77/6, සකීබ් අල් හසන් 49/4)