මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “මනමේ” නාට්‍යයට හා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සුරීන්ගේ ” රේඛාව ” චිත්‍රපටයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඊට සම්බන්ධ වු ශිල්පීන් අගැයීමට ලක්කිරීමේ උත්සවයක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
නිදහස් ජාතියක අනන්‍යතාව ඇතිවන්නේ පාලන ක්‍රමයෙන් , කලාවෙන් හා ආර්ථිකයෙන් බවත් මෙවැනි කලා නිර්මාණයන් දායාද කිරීම සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාටත් එදිරිවීර සරත්චන්ද්‍ර මහතාටත් අප කෘතඥ වියයුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
මෙහිදී “මනමේ ” හා “රේඛාව ” හි රගපෑ දැනට ජීවත් වන කලාකරුවන් වෙනුවෙන් උපහාර පිදීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
මනමේ නාට්‍යයට හා රේඛාව චිත්‍රපටයට 60 වසරක පිරීම සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද ඵලකය විවෘත කිරීමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර මෙම ඵලකය එල්පින්ස්ටන් රගහලේ ස්ථාපිත කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වු ටවර් හෝල් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මක මනමේ හා රේඛාවෙහි රගපෑ කලාකරුවන්ට ජාතින රෝහලේ ගෙවන වාට්ටුවෙහි නොමිලේ ප්‍රුතිකර ලබා ගැනීමට අවස්ථාව ලබා දීමටද පියවර ගෙන ඇති බව පැවසීය.
1956 නොවැම්බර් 03 වන දින මනමේ නාට්‍ය මුලින්ම රංග ගත කරන ලද්දේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදීය. නොවැම්බර් 03 දා මනමේ 60 වස් සැමරැම වෙනුවෙන් ලයනල් වෙන්ඩ්ට් රඟහල නොමිලේ ලබා දීමටද කටයුතු යොදා ඇත.
රේඛාව චිත්‍රපටය මෙරට සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් සේ සැලකේ. එය මුලින්ම ප්‍රදර්ශනය කර ඇත්තේ 1956 දෙසැම්බර් 28 වෙනිදාය. ඒ කොළඹ රීගල් සිනමා ශාලාවේදීය. 60 වසරක් සපිරෙන දෙසැම්බර් 28 දා රේඛාව චිත්‍රපටය කොළඹ රීගල් සිනමා හලේදී ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇත. එදින රීගල් ශාලාවේදී අජිත් ගලප්පත්ති මහතා විසින් රචිත ” රේඛාව සහ පනස්හයේ රේඛාව” නම් ග්‍රන්ථ එළිදැක්වීමට නියමිතය.
එසේම රීගල් සිනමා ශාලාව ආශ්‍රිත භුමිය සිනමා කලාපයක් කිරීමටද සැලසුම් කර ඇත.