FAST NEWS

24×7 Around the Globe

රෝස පන්දුවේ ජය පාකිස්ථානය ගිය හේතු කිහිපයක් කොදෙව් නායකයා හෙළි කරයි…

පසුගියදා රෝස පන්දුවෙන් පැවැති ආසියාවේ පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 56 ක ජයක්‌ වාර්තා කිරීමට පකිස්‌තාන කණ්‌ඩායම ඩුබායි හිදී සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්‌කයක්‌ හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවුයේ සියල්ල දැවී ලකුණු 289 ක්‌ පමණි.

තරගය පරාජය වුයේ උඩපන්දු කිහිපයක්‌ අතහැරීම නිසා බව පවසන කොදෙව් නායක ඡේසන් හෝල්ඩර් තරගයේ සම්පුර්ණ ගෞරවය ත්‍රිත්ව ශතකයක්‌ රැස්‌ කළ අසාර් අලීට හිමිවිය යුතු බව මාධ්‍ය හමුවේ තරගය පිළිබද අදහස් දක්වමීන් අවධාරණය කළේය.

“තරගය බලන් ඉදල ගොඩක්‌ දේවල් කියන්න පුළුවන්. අපේ උඩපන්දු දෙකක්‌ විතර ගිලිහුණා. ඒ වගේ බාබර් අසාම්ව දෙවැනි ඉනිමේදී දවා ගන්න පුළුවන් වුණත් ඒක නිපන්දුවක්‌ වුණා. ක්‍රිකට්‌වල හැටි ඔහොම තමයි. කොහොම වුණත් තරගයේ වීරයා වූ අසාර් අලීට ගෞරවය කළ යුතුයි. ඔහු විශිෂ්ට ඉනිමක්‌ ක්‍රීඩා ක්‍රීඩා කළා.” යෑයි හෝල්ඩර් පැවසීය.