FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට එරෙහිව පාකිස්ථානයට ලකුණු 56 ක ජයක්…

බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ඩුබායි හි පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 56ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට පාකිස්තානය ඊයේ (17)  සමත් වුණා.

මෙම තරඟයේ පළමු ඉනිමේදී කඩුලු 3කට ලකුණු 579ක් ලබා ගත් පාකිස්තානය දෙවන ඉනිමේදී රැස් කළේ ලකුණු 123ක් කර ඉනිම අත්හිටුවිය.

මුල් ඉනිමේදී ලකුණු 357ක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් පිළට දෙවන ඉනිමේදී ලකුණු 346ක ජයග්‍රාහී ඉලක්කයක් හිමීවිය.

කෙසේ වෙතත් කොදෙව්වන්ට සියලු  ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 289ක් පමණි.