සිරියානු රජයේ හමුදා විසින් ඇලෙප්පෝ නගරයේ ග්‍රාමීය ප්‍රදේශයකට එල්ල කළ බව කියන රසායනික බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අදාළ පුද්ගලයින් ශ්වසන අපහසුතා හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
“ක්ලෝරීන්“ අඩංගු බැරල් බෝම්බ ප්රහාරයන් මෙලෙස එල්ල කර ඇති බව වාර්තා වෙයි.
රසායනික අවි සම්මුතිය විසින් “ක්ලෝරීන්“ නමැති රසායනිකය ගිනි අවි භාවිතය සඳහා තහනම් කර තිබේ.
කෙසේවෙතත් සිරියානු හමුදා රසායනික අවි භාවිත කරන බවට එල්ල වන චෝදනා එරට රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.









