FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ රජයේ හමුදා රාසායනික බෝම්බ භාවිතා කරයි

සිරියානු රජයේ හමුදා විසින් ඇලෙප්පෝ නගරයේ ග්‍රාමීය ප්‍රදේශයකට  එල්ල කළ බව කියන රසායනික බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු රෝහල් ගත කර ති‍බේ.

අදාළ පුද්ගලයින් ශ්වසන අපහසුතා හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“ක්ලෝරීන්“ අඩංගු බැරල් බෝම්බ ප්‍රහාරයන් මෙලෙස එල්ල කර ඇති බව වාර්තා වෙයි.

රසායනික අවි සම්මුතිය විසින් “ක්ලෝරීන්“ නමැති රසායනිකය ගිනි අවි භාවිතය සඳහා තහනම් කර  තිබේ.

කෙසේවෙතත් සිරියානු හමුදා රසායනික අවි භාවිත කරන බවට එල්ල වන  චෝදනා එරට රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.