FAST NEWS

24×7 Around the Globe

2015 කැරීබියන් ලීග් – මාලිංග එළියට මෙන්ඩිස් ඇතුලට.

 

ලසිත් මාලිංග හට මේ මස ආරම්භ වීමට නියමිත 2015 කැරීබියන් ප්‍රමුඛ ලීග් (HERO CPL) තරගාවලියේ ක්‍රීඩා කිරීමට වරම් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමේසන් වෝරියර්ස් (Guyana Amazon Warriors) කණ්ඩායමට ක්‍රීඩා කීරීමට සිටි ලසිත් මාලිංග තුවාල ලැබීම හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව අහිමි වේ.

මීට අමතරව දණහිස් ආබාධයක් හේතුවෙන් ජස්ටින් ඔන්ටෝග් ද මෙවර මෙම පිළෙන් ක්‍රීඩා නොකරයි.

ඔවුන් වෙනුවට ඇමේසන් වෝරියර්ස් පිලට එක්ව සිටින්නේ දකුණු අප්‍රිකාවේ දකුණත් වේග පන්දු යවන්නෙකු වන මර්චාට් ඩී ලැන් හා ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන්නෙක් ජීවන් මෙන්ඩිස් ය.