FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 318 ඉදිරියෙන්…(update)

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රීකට් තරගය දෙවන දිනයේ තේ පානය සඳහා අතහිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් ලබා ගෙන සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් අතැතිව ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා ලකුණු 318 ක් ඉදිරියෙන් සිටියි.

ලකුණු පුවරුව පහතින්….

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

 

 

———————————————————————(update) 2.45

ශ්‍රී ලංකාව 206 ක් ඉදිරියෙන් – දෙවන ඉනිමෙත් මුල අසාර්ථකයි…..

ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රීකට් තරගයේ දෙවන දිනයට දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට ශ්‍රී  ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා  කඩුලු 03 දැවී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් ව සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 අතැතිව ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා  ලකුණු 206 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ මෙන්ම ආරම්භක පිතිකරු යුගලය වු දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා මුළු ලකුණු සංඛයාව 09 වන විට දැවී ගියහ.

ඔස්ට්‍රෙලියා පළමු ඉනිම ලකුණු 106 කට සීමා වීය.

ලකුණු පුවරුව….

sasass

++++++++++++++++++++++++++++++++++(update) 12.00

ලකුණූ 175 ක් පසු පසින් සිටියදී ඔස්ට්‍රේලියානු ඉනිම නිමා වෙයි…(update)

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රීකට් තරගයේ ඔස්ටේලියානු පළමු ඉනිම දිවා අහාරයට මීනිත්තු 45 ක් පමණ තිබියදී  මීට සුළු මොහොතකට පෙර ලකුණු 106 කට සීමා වීය.

එ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 175 ක් පසු පසින් සිටියි.

ලකුණු පුවරුව…

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

++++++++++++++++++++++++++++++++++(update) 11.20

රංගන හේරත්ගේ කඩුලු ත්‍රීත්වයෙන් ඔස්ට්ට්‍රේලියානු ඉනිම බිඳ වැටෙයි….

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලු ත්‍රීත්වයක් ලබා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය.

එ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 04 කට ලකුණු 80  ක්ව පැවතියදී AC වොජස් – PM නිවිල් – MA ස්ට්‍රක් පිළිවෙලින් දවා ගනීමීනි.

එ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩලු ත්‍රීත්වයක් ලබා ගත් දෙවන පන්දු යනවන්නා වන අතර එසේම  ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් කළ පළමු දඟ පන්දු යවන්නා බවට පත්විය.

මීට පෙර 1999 වසරේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දස්කම දක්වා තිබිණි.

මේ වන විට ඔස්ටෙලියා ලකුණු පුවරුව 85 – 8 ලෙස පවතියි.