FAST NEWS

24×7 Around the Globe

අඳුරු ආලෝකය නිසා තරගයට අත්හිටුවයි – ඔස්ට්‍රේලියාව 185 ක් පසුපසින්…(update)

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරග සිව්වන දිනයට අඳුරු ආලෝක තත්ත්වය හේතුවෙන් මේ වනවිට අතිහිටුවා තිබේ.

තරගය අත්හිටුවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කක් හඹා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියි.

නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 26ක් හා ඇඩම් වෝගස් ලකුණු 09 ක් ලබා සිටියි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම එ අනුව සිය ජයග්‍රහණය සඳහා මේ වනවිට කඩුලු 07ක් අතැතිව ලකුණු 185ක් පසු පසින් සිටියි.

හෙට තරගයේ අවසන් දිනයයි.

pppppppppppppppppppppppp

+++++++++++++++++++++++++++++++++++++(update)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමයි –  ඔස්ට්‍රේලියාවට 268 ක ඉලක්කයක් (update)

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 353කට සීමා විය.

කෙසේ නමුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 267ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව පසුවන අතර, තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද හා හෙට දිනයේදී ලකුණු 268ක් රැස්කරගත යුතුව ඇත.

+++++++++++++++++++++++++++++++++++++(update)

දිවා අහාරයට – ඕස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාව 228 ක් ඉදිරියෙන්..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය (29) අදයි.

 වැසි සහිත කාළගුණය හේතුවෙන් පෙරවරු 11.35 ට පමණ සිවව්වන දිනයට දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 314 ක් රැස් කරගෙන සිටියි.

එ අනවු ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 03අතැතිව ලකුණු 228 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ශක්තිමත් කළ යොවුන් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් පන්දු 254 කදී අගනා ලකුණු 176 ක් ලබා දැවී ගියේය.

ලකුණු පුවරුව…..

wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww