ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරග සිව්වන දිනයට අඳුරු ආලෝක තත්ත්වය හේතුවෙන් මේ වනවිට අතිහිටුවා තිබේ.
තරගය අත්හිටුවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කක් හඹා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 26ක් හා ඇඩම් වෝගස් ලකුණු 09 ක් ලබා සිටියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම එ අනුව සිය ජයග්‍රහණය සඳහා මේ වනවිට කඩුලු 07ක් අතැතිව ලකුණු 185ක් පසු පසින් සිටියි.
හෙට තරගයේ අවසන් දිනයයි.
+++++++++++++++++++++++++++++++++++++(update)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමයි – ඔස්ට්‍රේලියාවට 268 ක ඉලක්කයක් (update)
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 353කට සීමා විය.
කෙසේ නමුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 267ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව පසුවන අතර, තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද හා හෙට දිනයේදී ලකුණු 268ක් රැස්කරගත යුතුව ඇත.
+++++++++++++++++++++++++++++++++++++(update)









