FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාය සමඟ තෙවන තරඟය කොළඹින් නුවරට මාරු කරයි.

 

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟ මාලාවේ 3 වන ටෙස්ට් තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට පල්ලෙකැළේ ක්‍රීඩාංගණය වෙත මාරු කර තිබෙනවා.

ඒ අනුව පළමුවන සහ දෙවන ටෙස්ට් තරඟ පිළිවෙලින් ගාල්ලේදී සහ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පළමු ටෙස්ට් තරඟය ලබන 17 වන දා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලිය දඹුල්ල, පල්ලෙකැළේ, කොළඹ සහ හම්බන්තොට දී පැවැත්වෙනවා. විස්සයි විස්ස තරඟ දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.