FAST NEWS

24×7 Around the Globe

ගිලන්ව සිටි නාමල්ගෙන් අලූත් සිංදු කීපයක් ළගදීම.

 

”ප‍්‍රසංග වේදිකාවට නගින්න නම් මට ටික කලක් යයි. එ්ත් මම ආයෙත් සිංදු කියනවා. ළඟදිම මගේ අලූත් සිංදු කීපයක් එනවා” යැයි ප‍්‍රවීන ගායන ශිල්පි නාමල් උඩුගම මහතා පවසයි.

පසුගිය දිනවලදී රෝගාතුරව සිට ඉන්දියාවට ගොස් අක්මාවේ සැත්කමක් කොට නිරෝගී තත්ත්වයෙන් යළි දිවයිනට පැමිණ සිටියි.

”මගේ අසනීපෙ නිසා ගොඩක් අය මට උදව් කළා. මගේ පවුල දරුවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් මට ජීවත්වෙන්න ඕනෑ වුණා. මට උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි” යැයි ද නාමල් උඩුගම මහතා කියා සිටියේ ය.