FAST NEWS

24×7 Around the Globe

සිංහයින් සමග සටනට පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට.

 

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීමේ අරමුණින් පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. අළුයම 05.00ට පමණ පාකිස්තානු කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට ලගා වු බවයි අප  වාර්තාකරු පැවසුවේ.

මාස දෙකක පමණ කාලයක් පාකිස්තානු කණ්ඩායම දිවයිනේ රැඳි සිටීමට නියමිතයි. එම කාලසීමාව තුළ ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් සහ විස්සයි විස්ස තරග දෙකක් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.