FAST NEWS

24×7 Around the Globe

නායකත්වය දිනේෂ් චන්දිමාල්ට – සභාපතිගේ කණ්ඩායම නම් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායමට අතර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කළ සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ

කණ්ඩායම සඳහා 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබෙන අතර කුසල් පෙරේරා, උපුල් තරංග, ජෙහාන් මුබාරක් යන ක්‍රීඩකයෝ එයට ඇතුළත් වෙති. තරගය කෝල්ට්ස් පිටියේදී 11දා ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය –  කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, උපුල් තරංග, ජෙහාන් මුබාරක්, දිනේෂ් චන්දිමාල් (නායක), මිලින්ද සිරිවර්ධන,  නිරෝෂාන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, ධනංජය සිල්වා, මිලින්ද පුෂ්පකුමාර, බිනුර ප්‍රනාන්දු