විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියා සහ බංග්ලාදේශ අතර බැංගලෝර්හී චින්නස්වාමී ක‍්‍රීඩාංගණයේදී ඊයේ (23) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට ඉන්දීය ක‍්‍රීඩකයෝ සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 145 ක් පමණි.
තරගය ජයගැනීම සදහා හර්දීක් පාණඩ්‍යයා යැවූ අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවූ අතර දෙවැනි සහ තෙවැනි පන්දුවලදී හතරේ පහර දෙකක් ලබාගත් මුෂ්ෆීකුර් රහීම් සිව්වැනි පන්දුවේදී දැවීගිය අතර ලකුණු 18 ක් ලබාසිටි මහමදුල්ලා පස්වැනි පන්දුවේදී දැවීගියේය.
අවසන් පන්දුවට ලකුණු 2 ක් ලබාගැනීමට තිබූ අතර මුස්ටෆීසූර් රෙහෙමාන් අවසන් පන්දුවේදී දුවද්දී දැවී යාම නිසා ඔවුන්ට ලකුණක පරාජයක් අත්විය.
ඉන්දියාව – ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 146
(ෂීකාර් ධවාන් 23, විරාට් කෝලි 24, සුරේෂ් රයිනා 30, මුස්ටෆීසූර් රෙහෙමාන් 34/2, අල්-අමීන් හුසේන් 37/2)
බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 145
(ටමීම් ඉක්බාල් 35, සබීර් රෙහෙමාන් 26, සකීබ් අල් හසන් 22, සෞම්‍ය සාකර් 21, රවිචන්ද්‍රන් අශ්වින් 20/2, රවින්ද්‍ර ජදේජා 22/2, හර්දීක් පාණ්ඩ්‍යා 29/2)