FAST NEWS

24×7 Around the Globe

100X4 පිරිමි සහාය දිවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්.

සියය හතර පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ෂෙහාන් අබේපිිටිය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, චීනයේ වුවෑන් නුවර පැවැත්වෙන 21 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීයි. තරග නිමි කාලය තත්පර 39 යි දශම 5 යි 9 ක්. එම තරගයේ 3 වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.