FAST NEWS

24×7 Around the Globe

සුපිරි ටෙනිස් ක්‍රීඩීකා මරියා ෂරපෝවාට තරග තහනමක්.

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩිකාව ලෙස සැළකෙන ටෙනිස් ක්‍රීඩිකා මරියා ෂරපෝවා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේදී පැවැත්වූ තහනම් උත්තේජක පරීක්ෂණය අසමත් වී ඇති බව වාර්තා වේ.
මෙම පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ 28 හැවිරිදි රුසියානු ක්‍රීඩිකාව මෙල්ඩෝනියම් නැමති තහනම් ඖෂධය භාවිතා කර ඇති බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ෂරපෝවා පවසා ඇත්තේ එම ඖෂධය ඇය පසුගිය වසර 10 පුරාවටම රෝගී තත්වයක් හේතුවෙන් භාවිතා කර ඇති බවයි.
ඇගේ පවුලේ වෛද්‍යවරයා විසින් මෙම ඖෂධය නියම කර ඇති අතර එය මෙල්ඩෝනියම් ලෙසද හඳුන්වන බව ඇය දැනගෙන ඇත්තේ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය විසින් මීට දින කිහිපයකට පෙර එවූ ලියුමෙන් බව ඇය පවසා තිබේ.
අදාළ ඖධය මෙම වසරේ ජනවාරි පළමු වනදා තෙක් තහනම් උත්තේජකයක් ලෙස නම් කර තිබී නැති අතර එය තහනම් උත්තේජකයක් බවට පත්කළ බව ඇය දැන නොසිටි බවද ඇය පවසා තිබේ.
කෙසේවෙතත්, මෙම තත්වය හේතුවෙන් මාර්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇයට එරෙහිව තාවකාලික තරග තහනමක් පනවා තිබේ.