FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති හා වර්තමාන ජනපතිගේ අයවැය වෙනස මෙන්න.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර ලොකු වෙනසක් තියෙනවා. මේක කිව්වම එක එක දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ මුදල් අතින් ඒ දෙන්නා වෙනස් වෙන විදිය ගැනයි. ඒ කියන්නේ ජනාධිපතිවරු යටතේ අයවැය ගැන.

2014 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන්කළ මුදල රු. බිලියන 1,652 ක්. ඒ මුදල් ප්‍රමාණය වියදම් වෙන්නේ මේ විදියටයි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය – රු. බිලියන 283
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය – රු. බිලියන 1,160
මහා මාර්ග, වරාය හා නාවුක අමාත්‍යංශය – රු. බිලියන 144
නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය – රු. බිලියන 53
විශේෂ වැය ශිර්ෂ : අතිගරු ජනාධිපති – රු. බිලියන 10

2016 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් වෙන්කර ඇති මුදල රු. බිලියන 377 ක්. ඒ මුදල් ප්‍රමාණය වියදම් වෙන්නේ මේ විදියටයි.

ආරක්ෂක අමාත්‍යංශය – රු. බිලියන 306
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය – රු. බිලියන 69
විශේෂ වැය ශිර්ෂ : අතිගරු ජනාධිපති – රු. බිලියන 2.3

හිටපු ජනපති මහින්දගේ වියදම් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ඔහු අමාත්‍යංශ 4ක් ඇමැති තනතුරුවල කටයුතු කළ නිසා. හැබැයි විශේෂ වැය ශිර්ෂය වර්තමාන ජනපතිට වඩා සැලකිවයුතු ලෙස වැඩි වෙලා තියෙනවා.