හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර ලොකු වෙනසක් තියෙනවා. මේක කිව්වම එක එක දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ මුදල් අතින් ඒ දෙන්නා වෙනස් වෙන විදිය ගැනයි. ඒ කියන්නේ ජනාධිපතිවරු යටතේ අයවැය ගැන.
2014 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන්කළ මුදල රු. බිලියන 1,652 ක්. ඒ මුදල් ප්‍රමාණය වියදම් වෙන්නේ මේ විදියටයි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය – රු. බිලියන 283
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය – රු. බිලියන 1,160
මහා මාර්ග, වරාය හා නාවුක අමාත්‍යංශය – රු. බිලියන 144
නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය – රු. බිලියන 53
විශේෂ වැය ශිර්ෂ : අතිගරු ජනාධිපති – රු. බිලියන 10
2016 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් වෙන්කර ඇති මුදල රු. බිලියන 377 ක්. ඒ මුදල් ප්‍රමාණය වියදම් වෙන්නේ මේ විදියටයි.
ආරක්ෂක අමාත්‍යංශය – රු. බිලියන 306
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය – රු. බිලියන 69
විශේෂ වැය ශිර්ෂ : අතිගරු ජනාධිපති – රු. බිලියන 2.3
හිටපු ජනපති මහින්දගේ වියදම් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ඔහු අමාත්‍යංශ 4ක් ඇමැති තනතුරුවල කටයුතු කළ නිසා. හැබැයි විශේෂ වැය ශිර්ෂය වර්තමාන ජනපතිට වඩා සැලකිවයුතු ලෙස වැඩි වෙලා තියෙනවා.