FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග 20 විස්සට ඉන්දීය සංචිතයෙන් කෝලී ඉවතට.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලී විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

පෙබරවාරි මස 09 වැනි දා ආරම්භවන තරග තුනකින් සමන්විත 20 – 20 තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර ඇත.

විරාත් කෝලීට අමතර ව ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා සහභාගී වූ රිෂි ද්වාන්, උමේෂ් යාදෙව්, ගුර්කිරාට් සින්ග් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම් කර නොමැති බව බව වාර්තා වේ.

එම්.එස්.දෝණී, රෝහිත් ශර්මා, ශිකර් ද්වාන්, අජින් කෙයාරහනේ, මනිෂ් පාන්ඩේ, සුරේෂ් රයිනා, යුවරාජ් සිං, හර්දික් පන්ඩ්යා, රවීන්ද්ර, ජඩේජා, රවිචන්ද්රුන් අෂ්වින්, ජස්ප්රිගට් බම්රහ්, අෂිස් නෙහෙරා, හර්බජාන් සිං, බුවනේෂ්වර් කුමාර් සහ පවන්නෙගි  ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කර තිබේ.