FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල කණ්ඩායම පරදා ගාල්ල කණ්ඩායම විස්සයි විස්ස දිනයි.

අන්තර් කළාප විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී කුරුණෑගල කණ්ඩායම පරදවා කඩුලූ 8 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත්විය.

මෙම තරගය ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් කුරුණෑගල කණ්ඩායම ලකුණු 129 කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නෝ සමත්වූහ. අජන්ත මෙන්ඩිස් ලකුණු 23 කට කඩුලූ 2 ක් බිද හෙළීමට සමත්විය.

ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම ඕවර 16.3 කදී කඩුලූ 2 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

වමත් පිතිකරු ළහිරු මිලන්ත පන්දු 43 කදී හතරේ පහර පහක් සහ හයේ පහර හතක් සමගින් ලකුණු 78 ක් රැස්කර ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

පළමු කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ළහිරු මිලන්ත (78) සහ උදාර ජයසුන්දර (නොදැවී 39) සමත්වූහ.

චාමර කපුගෙදර ලකුණු 14 කට කඩුලූ 2 ක් බිද හෙළීය.

කුරුණෑගල කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 129
(චාමර කපුගෙදර 20, අජන්ත මෙන්ඩිස් 23/2)

ගාල්ල කණ්ඩායම – ඕවර 16.3 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 130
(ළහිරු මිලන්ත 78, උදාර ජයසුන්දර නොදැවී 39, චාමර කපුගෙදර 14/2)