මෙලොව සෑම මනුෂ්‍යයයෙකු තුළම දෙවියකු මෙන්ම යක්ෂයෙකු ද සිටින බව අප කවුරුත් දන්නා කාරණයක්. එමෙන්ම ඕනෑම කාන්තාවක් හෝ පිරිමියෙකු වේවා කෙතරම් තමන් යහපත් පුද්ගලයෙකු වන්නට උත්සාහ කළද සමාජයෙන් ඔවුන් අයහපතට ඇදගැනීමට ගන්නේ ඉතා සුළු වේලාවක් පමණයි.
එලෙස දරුවන් දෙදෙනකුගේ පියෙකුට තරුණියන් දෙදෙනෙකුගෙන් ලැබෙන අසාමාන්‍ය ශාරීරික ඇරයුමකින් ඔහුගේ ජීවිතයම විනාශයට පත්වූ කතාව Knock Knock (නොක් නොක්).
හොලිවුඩයේ නිර්මාණය වූ මෙම අලුත්ම චිත්‍රපටයෙන් කියවෙන්නේ දිනක් පියෙකු සිය පවුලේ උදවිය එකත්රා දුර බැහැර ගමනකට පිටව යෑමෙන් පසුව තනිව නිවසේ සිටින විට අත්විදන සිදුවීමක් පිළිබදවයි.
එදින රාත්‍රීයේ අකුණු සහිතව තද වැසි ඇදහැලෙන්නට පටන් ගන්නවා. ටික වේලාවකට පසු ඔහුගේ නිවසේ දොරට කිසියම් පුද්ගලයෙකු තට්ටු කරමින් සිටිනවා. එවිට ඔහු දොර ඇර බලන විට රූමත් සරාගී තරුණියන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිගෙන
එතැන් පටන් වන සිදුවීම ඔබට චිත්‍රපටය නැරඹීමෙන් දැක බලා ගත හැකියි. මෙම චිත්‍රපටයේ ප්‍රථම තිරගත වීම සිදුවූයේ ජනවාරි මස 23 වැනි දිනයි. මේ වන විටත් හොලිවුඩය තුළ Knock Knock (නොක් නොක්) චිත්‍රපටය දැඩි ලෙස කතාබහට ලක්වී හමාරයි.
https://www.youtube.com/watch?v=ti6S3NZ5mKI








