FAST NEWS

24×7 Around the Globe

සරාගී දීපීකා වින් ඩීසල් සමග xXx තෙවන චිත්‍රපටයේ.

කි‍්‍රයාදාම චිත්‍රටයක් වූ xXx, ජනපි‍්‍රය නළු වින් ඩීසල් ගේ චිත්‍රපට ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

2002 පළමුවරට තිරගත වුණු xXx හි දෙවන කොටස 2005 තිරගත වූයේ ‘Ice Cube’ ප්‍රධාන චරිතය පණගන්වමින්.

පසුගිය දිනවල ජනපි‍්‍රිය හින්දි නිළි දීපිකා පදුකෝන් ට්විටර් හි පළකළ පින්තූරයකින් xXx හි තෙවන කොටසක් ගැන බලාපොරොත්තු දල්වා තිබෙනවා. එය දීපිකා පසුපස හැරී සිටින ඩීසල්ව වැලඳගන්නා ඡායාරූපයක්. එහි පසුපසින් xXx ලාංඡනය දිස් වේ.

මේ අතරතුර ඩීසල් සිය ඉන්ස්ටග්‍රෑම් හි සඳහන් කර තිබෙන්නේ, තමන් නැවත එන xXx චිත්‍රපටයේ තෙවැනි කොටසක් පාඨකයින් විසින් බලාපොරොත්තු විය හැකි බවත්, එය මේ දෙසැම්බරයේ සිට රූපගත කරන බවත්ය.

xxxxxxx Diipikaapaadukoon_600px_30_