FAST NEWS

24×7 Around the Globe

සංගාගේ නායකත්වයේ ඉනිම ඩයිනමයිට්ස් ජයට ප්‍රමාණයවත් වෙයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය වූ චිතගොං වයිකින්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

මෙය ඩයිනමයිට්ස් කණ්ඩායම මෙම තරගාවලියේ ලද සිව්වැනි ජයග‍්‍රහණයයි.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය චිතගොං වයිකින්ස් කණ්ඩායමට  ඕවර 16.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 76 ක් පමණි.

එහිදී චිතගොං වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දවාගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොෂාරෆ් හුසේන්  ඕවර 4 ක් යවා ලකුණු 16 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක කුමාර් සංගක්කාර පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය.

පන්දු 29 කදී හතරේ පහර 3 ක් සමගින් ලකණු 24 ක් රැස්කළ මොසද්දික් හුසේන්, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සංගක්කාරට මනා සහයක් දුන්නේය.

මොහොමඞ් අමීර් සහ ශෆියුල් ඉස්ලාම් චිතගොං වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවාගත්හ.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 121
(කුමාර් සංගක්කාර 38, මොසද්දික් හුසේන් 24, මැල්කම් වෝලර් 19, මොහොමඞ් අමීර් 18/3, ශෆියුල් ඉස්ලාම් 21/3)

චිතගොං වයිකින්ස් කණ්ඩායම –  ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී 76
(උමාර් අක්මාල් 14, මොෂාරෆ් හුසේන් 16/4, මුස්තෆිසුර් රෙහෙමාන් 7/2)

-036