බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය වූ චිතගොං වයිකින්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්‍රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.
මෙය ඩයිනමයිට්ස් කණ්ඩායම මෙම තරගාවලියේ ලද සිව්වැනි ජයග්‍රහණයයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය චිතගොං වයිකින්ස් කණ්ඩායමට ඕවර 16.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 76 ක් පමණි.
එහිදී චිතගොං වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමට පෙර දවාගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොෂාරෆ් හුසේන් ඕවර 4 ක් යවා ලකුණු 16 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක කුමාර් සංගක්කාර පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය.
පන්දු 29 කදී හතරේ පහර 3 ක් සමගින් ලකණු 24 ක් රැස්කළ මොසද්දික් හුසේන්, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා සංගක්කාරට මනා සහයක් දුන්නේය.
මොහොමඞ් අමීර් සහ ශෆියුල් ඉස්ලාම් චිතගොං වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවාගත්හ.
ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 121
(කුමාර් සංගක්කාර 38, මොසද්දික් හුසේන් 24, මැල්කම් වෝලර් 19, මොහොමඞ් අමීර් 18/3, ශෆියුල් ඉස්ලාම් 21/3)
චිතගොං වයිකින්ස් කණ්ඩායම – ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී 76
(උමාර් අක්මාල් 14, මොෂාරෆ් හුසේන් 16/4, මුස්තෆිසුර් රෙහෙමාන් 7/2)
-036






