FAST NEWS

24×7 Around the Globe

තිලංග සුමතිපාල ක්‍රීකට් නිලවරණයට නාමයෝජනා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා, තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමේ නාමයෝජනා අද (03) උදෑසන භාරදුන්හ.

ඔහු වෙනුවෙන් නාම යෝජනා භාරදුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකුවූ මොහාන් ද සිල්වා මහතා ය.

මෙවර නිලවරණයේදී තිලංග සුමතිපාල මහතා සභාපති ධූරය සඳහා තරග කරන බව, මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේ ය.

ජනවාරි මස 3 වන දා පැවැත්වීමට නියමිත නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතා ලේකම් ධූරයට තරග වදින අතර, හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා හා හිටපු උප සභාපතිවරයෙකු වූ කේ. මදිවානන් මහතා උප සභාපති ධූර සඳහා ත් තරග වැදීමට නියමිතයි.

ඊට අමතරව ශම්මි සිල්වා මහතා භාණ්ඩාගාරික ධූරයට තරග කරන අතර රවීන් වික්‍රමරත්න මහතා උප ලේකම් ධූරය සඳහා තරග වදිනු ඇති.

සභාපති ධූරය සඳහා තිලංග සුමතිපාල මහතාට අමතරව, හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා හා සුමිත් පෙරේරා මහතා ද නාමයෝජනා භාරදී තිබේ.