FAST NEWS

24×7 Around the Globe

ෆිෆා නිලධාරීන් 6ක් අත්අඩංගුවට

මුදල් විශුද්ධීකරණය, කූට ජාවාරම් කිරීම හේතුවන් අන්තර්ජාතික පාපන්දු සංගමයට සම්බන්ධ නිලධාරීන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ෆිෆා උප සභාපතිවරයයෙක් වන ජෙෆ්රි වෙබ්ද වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති තේරීම සඳහා වන නිලවරණය සිකුරාදා පැවැත්වීම නියමිතය. ඇමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ස්විට්සර්ලන්තයේ හෝටලයක් තුළදී එරට පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.