FAST NEWS

24×7 Around the Globe

බී.පී.එල් – කුලසේකරගේ පිල පරාජය කළ මුණවීරගේ පිලට ජය.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය වූ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ෂිලාත් සුපර් ස්ටාර්ස්  කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ෂිලාත් සුපර් ස්ටාර්ස් කී‍්‍රඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ රවී බොපාරා පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.

නායක මුෂ්ෆිකුර් රහීම් පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැුස්කරගෙන සිටියදී නුවන් කුලසේකර යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ඩිල්ෂාන් මුණවීර පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ අබූ හයිඩර් ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගත් අතර නුවන් කුලසේකර ලකුණු 31 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 36 කදී නොදැවී ලකුණු 53 ක් රැස්කිරීමට අෂාර් සයිදි සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලිටන් දාස් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් රැුස්කළ අතර ඉම්රුල් කේයස් පන්දු 45 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 48 ක් රැස්කළේය.

ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ එකම කඩුලූ ලාභියා වූ රවී බොපාරා  ඕවර 4 ක් යවා ලකුණු 18 කට කඩුලූ 4 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 164
(ලිටන් දාස් 42, ඉම්රුල් කේයස් 48, අෂාර් සයිදි නොදැවී 53, රවී බොපාරා 18/4)

ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම –  ඕවර 19.4 කදී කඩුලූ 6 ක් දැවී 168
(ඩිල්ෂාන් මුණවීර 36, රවී බොපාරා 50, මුෂ්ෆිකුර් රහීම් 47, අබූ හයිඩර් 28/4, නුවන් කුලසේකර 31/2)