බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගය වූ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම අතර මිර්පූර්හි ශ්‍රී බංග්ලා කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ෂිලාත් සුපර් ස්ටාර්ස් කී‍්‍රඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ රවී බොපාරා පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.
නායක මුෂ්ෆිකුර් රහීම් පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැුස්කරගෙන සිටියදී නුවන් කුලසේකර යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ඩිල්ෂාන් මුණවීර පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ අබූ හයිඩර් ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගත් අතර නුවන් කුලසේකර ලකුණු 31 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 36 කදී නොදැවී ලකුණු 53 ක් රැස්කිරීමට අෂාර් සයිදි සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලිටන් දාස් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් රැුස්කළ අතර ඉම්රුල් කේයස් පන්දු 45 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 48 ක් රැස්කළේය.
ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ එකම කඩුලූ ලාභියා වූ රවී බොපාරා ඕවර 4 ක් යවා ලකුණු 18 කට කඩුලූ 4 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 164
(ලිටන් දාස් 42, ඉම්රුල් කේයස් 48, අෂාර් සයිදි නොදැවී 53, රවී බොපාරා 18/4)
ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම – ඕවර 19.4 කදී කඩුලූ 6 ක් දැවී 168
(ඩිල්ෂාන් මුණවීර 36, රවී බොපාරා 50, මුෂ්ෆිකුර් රහීම් 47, අබූ හයිඩර් 28/4, නුවන් කුලසේකර 31/2)






