FAST NEWS

24×7 Around the Globe

T20 ලෝක කුසලානයේ දෙවන තරගයේ ජය නෙදර්ලන්තයට

(ෆාස්ට් නිව්ස් | මෙල්බර්න්) – 2022 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ(16) සමත් වුණා.

කාසියේ වාසිය දිනු ඩුබායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 111ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5 ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.