(ෆාස්ට් නිව්ස් | ලාහෝර්) – දණහිසක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්‍රිඩ් මේ වන විට සිය ආබාධය සුව කර ගැනීමේ කටයුතු නිමා කර ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් ඔහු හට 20යි 20 ලෝක කුසලාන තරඟය ඇතුලත්ව පෙරහුරු තරඟ සඳහාද ක්‍රීඩා කළ හැකි බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
එහිදී පුහුණු තරඟ ලෙස පාකිස්තානය හා එංගලන්තය අතර තරඟය එළඹෙන 17 වෙනිදාත්, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය අතර තරඟය එළඹෙන 19 වැනිදාත් පැවැත්වීමට නියමිතය.








