FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට කටාර්’හි සූදානම

(ෆාස්ට් නිව්ස් |  කටාර්) – කටාර් දේශයේදී පැවැත්වීමට නියමිත මෙවර 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ලබන නොවැම්බර් මස 20 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම් කරමින් පවතී.

මෙවර ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් කටාර් රාජ්‍ය හා පාපන්දු බළධාරීන් විසින් වියදම් සඳහා වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වේ.

අති නවීන පාපන්දු ක්‍රීඩාංගන අටක් කටාර් තුළ ඉදිකර ඇති අතර අති නවීන උපකරණ හා උපක්‍රම මෙවර තරඟාවලිය සඳහා යොදාගන්නා බව සඳහන් වේ.

ජගත් පාපන්දු සම්මේලනය විසින් විනිසුරු සහ සහය විනිසුරුවරුන් 129 දෙනෙකු නම් කර තිබෙන අතර ඉතිහාසයේ පළමු වරට කාන්තා විනිසුරුවරියන් හා සහය විනිසුරුවරියන් තිදෙනෙකු බැඟින් ඊට ඇතුලත් කර ඇත.