FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරියන් දිවයිනට පැමිණේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව දෙවන වරටත් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වූණා.

ඊයේ පැවති අවසන් තරගයේ දී සත්කාරක මාලදිවයින් කණ්ඩායම ලකුණු 72ට 59ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගනු ලැබුවා.

අද (30) දිවයිනට පැමිණි කාන්තා පැසිපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපලේ දී සංවිධාන කොට තිබෙනවා.