FAST NEWS

24×7 Around the Globe

දෝනිගේ බිරිඳ සාක්ෂිගේ කඳුළු සගවන්නට නොහැකි වෙයි

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සාක්ෂි පසුගිය දිනක සිය මුහුණ කැමරාවෙන් වසං කිරිමට උත්සාහ දැරූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට එරට මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

මෙහි සිදුවීම වන්නේ මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සාක්ෂි අයි.පී.එල්. තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීමට ගොස් තිබෙන අතර, එහිදී දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායම පරාජයට පත්වීම ඇයට දරාගත නොහැකිවීමයි. එම අවස්ථාවේදී හැඬූ කඳුළින් සිටි සාක්ෂි මාධ්‍යයට මුහුණ නොදී ඇති අතර, නමුත් ඇගේ බෙල්ල ප්‍රදේශයේ දෝනිගේ නම පච්චයක් ලෙසින් කොටා තිබීම හේතුවෙන් ඒ දෝනිගේ බිරිඳ බවට හොඳම සාක්ෂියක් වනවා.