FAST NEWS

24×7 Around the Globe

සුපිරි රැප් ගායකයා අභිරහස් ලෙස මරුට

(ෆාස්ට් නිව්ස් | ලොස් ඇන්ජලීස්) – ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය Coolio ය.

මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසුවිය.

වර්ෂ 1980දී Coolio සිය සංගීත ජීවිතය ආරම්භ කළද ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූයේ Gangsta’s Paradise හරහාය.

ඔහු විසින් එම නිර්මාණය සිදුකළේ වර්ෂ 1995දීය.

Coolio සිරුර හමුව ඇත්තේ Los Angeles හි පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසක නාන කාමරයක් තුළ තිබියදීය.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Coolio ගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැකපළකරන බවය.