FAST NEWS

24×7 Around the Globe

මීළඟට හොලිවුඩ් යන තරුව අල්ලු අර්ජූන්

(ෆාස්ට් නිව්ස් | චෙන්නායි) -‘පුෂ්පා ද රීස්’ තෙළෙඟු චිත්‍රපටය හරහා ලෝකයේම ආදරය දිනු සිනමා තරුවක් බවට පත්වූ අල්ලු අර්ජූන්, ධනුෂ්ගේ අඩිපාරේ යමින් මිළඟට හොලිවුඩ් සිනමාවට එකතුවෙන දකුණු ඉන්දීය සිනමා තරුව වන්නට ඉඩකඩ පවතින බව සිනමා විචාරකයින් පවසා සිටියි.

මීට දින කිහිපයකට පෙර අල්ලු ඇමෙරිකාවේ සංචාරයක නිරත වූ අතර, එහි පරමාර්ථය වී තිබුණේ ඔහු ප්‍රකට ‘මාවල්’ චිත්‍රපට සමාගම සමග සාකච්ඡාවකට එක්වීම බව සඳහන් වෙයි.

එමෙන්ම ඔහුට ‘මාවල්’ සුපිරි චරිතයක් පිරිනැමෙන ලකුණු ඇති බවද මෙම සාකච්ඡාව අවසානේ නිගමනය වී තිබේ.