FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවට පහසු ජයක්

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයේ ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 2ක් දැවී ලකුණු 212ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි නොදැවී ලකුණු 122ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ.

නායක රෝහිත් ශර්ම ලකුණු 62යි.

අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණීයි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්‍රාහිම් සඩ්රාන් නොදැවී ලකුණු 64ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර කඩුළු 5ක් දවාගැනීමට සමත් විය.