FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා තරගය හෙට

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඊයේ (04) පැවති දෙවන තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු පහක තියුණු ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පාකිස්ථානු නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතක් දැවී ලකුණු 181 ක් රැස් කළා.

විරාට් කෝලි ලකුණු 60 ක් රැස් කළ අතර, නායක රෝහිත් ෂර්මා පන්දු 16 කදී ලකුණු 28ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු පහක දී කඩුලු පහක් පමණක් දැවී එම සීමාව පසුකර යමින් ජයග්‍රහණය වාර්තා කළා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 71 ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 42 ක් ලබාගත්තා.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ තුන්වන තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.